Sunday, May 5, 2013

ටයර් සෙට් එක රොටේට් කරාද?





කාලෙකට  පස්සෙ පෝස්ට් එකක් දාන්න හිතුනෙ ළගදි ලැබුනු අත් දැකීමක් බෙදා ගන්නත් එක්කයි... කාර් එක්ක ටයර් සෙට් එක ගෙවීගෙන එනකොට කට්ටියටම දාඩිය දාන්න ගන්නෙ ටයර් සෙට් එක මාරු කරන්න 38000 - 45000 ක් වගේ ගානක් යනව කියල දැනුනම තමයි. කොහොම හරි ගේම ගහල වැඩි පුර කි.මි. 5000ක් 10000ක් වත් දුවා ගන්න තිබුනනම්  කියල හිතෙන්නෙ එතකොට නේද... ඒක නිසා රුපියල් 150/= ක් දීල කි.මි. 8000ට සැරයක්වත් ටයර් ටික රෝටේට් කර ගන්න. තමන් සතුව පවතින වාහනයේ මොඩල් එක අනුව (එන්ජින් එකෙන් කර කවන්නේ ඉදිරිපස රෝද දෙකද, පසු පස රෝද දෙකද, නැතිනම් රෝද හතරමද) ටයර් රොටේට් කරන රටාව වෙනස් වෙනවා. වාහනයේ මැනුවල් එකෙ මේක ලියල තියනවා. ඔන්න මාත් ගියා ටයර් සෙට් එක රොටේට් කර ගන්න. මැකැනික් අයිය වැඩේ පටන් ගත්ත. මොන වාහනේ ආවත් පිටිපස්සෙ ටයර් එක ඉස්සරහට හයි කරල ඉස්සරහ ටයර් එක පිටිපස්සට සෙට් කරන එක තමයි මැකැනික් අයිය කරන්නෙ. මම යන්තම් හෝ හෝ ගාල නවත්තල කිව්ව ඔහොම නෙවේ මෙහෙම කරන්න කියලා. මම කියපු රටාවට ටයර් රොටේට් කරාම පිටි පස්සෙ තියන ටයර් දෙක කැරකෙන්නෙ කලින් කැරකුණු දිශාවට විරුද්ධ දිශාවට.මැකැනික් අයිය කියාපි මෙහෙම වුනොත් ටයර් එකේ කම්බි මතු වේවි කියල. මම ඇහුවා ඒ මොකද කියල? ටයර් එහෙම තමා කිව්වා. මම කිව්වා කමක් නෑ මම කියපු විදියට සෙට් කරන්න කියලා. ගෙදර අවිත් බැලුව ටොයෝට එකේ මැකැනික් අයියලට වැරදිලාද කියල. මෙන්න මේකයි සීන් එක. ටයර් වල ප්‍රධාන වර්ග දෙකක් තිබේ. එක් දිශාවකට පමණක් කරකැවීමට සුදුසු සහ දිශා දෙකටම කරකැවීමට සුදුසු ටයර්. එක් දිශාවකට පමණක් කරකැවීමට සුදුසු ටයර් එකෙ කට්ට රටාව සමමිතිකයි. නමුත් දෙපසටම කරකැවීමට පුලුවන් ටයර් එකේ කට්ට රටාව සමමිතික නෑ.මගේ වාහනේ තියෙන්නෙ දෙපසටම කරකවන්න පුලුවන් ටයර්. එක නිස අවුලක් නෑ... ඔන්න ඕකයි විස්තරේ. 


රුපියල් 150ක් දීල විනාඩි 20ක් වැයකරල තමන්ගෙ වාහනේ ටයර් සෙට් එක රොටේට් කරගන්න එක සුළු දෙයක් උනාට ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය නම් ඊට වඩා වටිනව.  



මේ වීඩියෝ එකේ ඔබගේ වම් අත පැත්තේ තිබෙන්නේ එක් දිශාවකට පමණක් කරකැවීමට සුදුසු ටයරයකි. දකුණු පස පවතින්නේ දෙපසටම කරකැවීමට සුදුසු ටයරයකි.

About Me

My photo
මොරටුව පරිඝණක ඉංජිනේරු විද්‍යා අංශයේ තමා ඉගෙන ගත්තෙ.... දැන් මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට ජොබ කරනව... අනිත් මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙන, මම දන්න දේවල් බ්ලොග් කරන්න තමා ආස.....