Saturday, September 20, 2014

හෙඩ් බල්බ් එකක් 28000/= යි..... :O




මේ ළගදි මාර සීන් එකක් වුනේ.... Vitz 2008 කාර් එකක හෙඩ් ලයිට් බල්බ් එකේ අවුලක් ආව... හෙඩ් ලෑම්ප් ඔන් කරල විනඩි 5කින් විතර එක බල්බ් එකක් නිවෙනව. ලයිට් වැඩ කරන පොට් එකකට කාර් එක අරන් ගියා. පොර බලල කිව්ව බල්බ් එකේ අවුල තියෙන්නෙ, අලුත් බල්බ් එකක් දාන්න වේවි කියල. බලබ් එකක් ඉතින් රුපියල් 700 ක් 800ක් විතර වේවි කියල මාත් හා කිව්ව. බල්බ් එකේ ගාන 28000/= ක්.... මම කැරකිල ගියා ගාන අහල. ගෙදර අවිල්ල පොඩ්ඩක් හොයල බැලුව ඇයි යකෝ මේව මෙච්චර ගනන් කියල. 



බලන් ගිහාම දැන් එන හැම වාහනේකම වගේ එන්නෙ HID (High Intensity Discharge) හෙඩ් බල්බ්ලු. මේව සාමාන්‍ය හැලජන් බල්බ් වලට වඩා තුන් ගුනයක් විතර එලියයි. අනිත් සීන් එක තමයි මේ HID බල්බ් වලට තනියම වැඩ කරන්න බෑ. මේ බල්බ් එකට ෆිලමන්ට් එකක් නෑ. ඇතුලෙ තියනව පොඩි කුටීරයක්. ඒකෙ තියෙන්නෙ Xenon ගෑස් එක. මේ කුටීරය දෙපැත්තෙ තියනව ඉලෙක්ට්‍රෝඩ දෙකක්. මේ HID බල්බ් එකක් දල්වන්න නම් 25000 ක වෝල්ටේජ් ඒකක් දෙන්න ඕනලු. වායුව අයනීකරණය වුනාට පස්සෙ 70-90 අතර වොල්ටේජ් ඒකක මේ බල්බ් ක්‍රියාත්මක වෙනව. 25000 ක වෝල්ටේජ් එක දෙන්න Ignitor  එක කියල කොටසකුත් වෝල්ටේජ් පාලනයට සහ DC - AC කරන්න Ballast කියල කොටසකුත් මේ බල්බ වලට එනව. ඒව තියෙන්නෙ හෙඩ් ලයිට් එකෙන් එලියෙ බොනට් එක ඇතුලෙ.




ෆිලමන්ට් එකක් නැති නිසා HID බල්බ් වල ජීව කාලය හැලජ්න බල්බ වලට වඩා ඉතා වැඩියි. මේ බල්බ් වලට භාවිතා වෙන අධික වොල්ටේජ් නිසා හෙඩ් ලයිට් දාල තියන වෙලාවට බොනට් එක ඇරගෙන ලයිට් අත පත ගාන්න යන්න එපා.

පොඩියට තිබ්බට කොහොමද HID වල ගනන්. මම ගියා දෙල්කදට බල්බ් ඒකේ වැඩේට මොකද කරන්නෙ බලන්න. එහෙත් ඉතින් අලුතින් ගන්නවනම් බල්බ් එක 28000 ක්  වෙනව. මම නිකමට වගේ ඇහුව Ballast එක කීයද කියල. හප්පට සිරි ඒක 25000ක් වෙනව.

මගෙ වෙලාවට Recondition Parts විකුණන කඩේක මට ඕන මාදිලියෙ බල්බ් එක තිබ්බ. HID බල්බ් වල එක වාසියක්නෙ ජීව කාලය වැඩි එක, ඒක නිසා Recondition බල්බ් එකක් ගත්ත බය නැතුව. ඒක 12000 ක් වුණා. දැන් තේරෙනව නේද බල්බ් වල ගනන්. ඒක නිසා වැරදිලාවත් කොහේ හරි හැප්පිල හෙඩ් ලයිට් Casing එක බිදුනොත් ඇතුලෙ ලයිට් එක ආරක්ෂා කර ගන්න මතක තියාගන්න. ඕක මොකෙක් හරි ගලවන් සාක්කුවෙ දාගෙන ගියොත් අතින් කයිට්.

No comments:

Post a Comment

About Me

My photo
මොරටුව පරිඝණක ඉංජිනේරු විද්‍යා අංශයේ තමා ඉගෙන ගත්තෙ.... දැන් මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට ජොබ කරනව... අනිත් මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙන, මම දන්න දේවල් බ්ලොග් කරන්න තමා ආස.....